පොසොන් පොහොය නිමිති කරගෙන නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු අංශය විසින් සංවිධානය කරන ලද ධර්ම දේශනය පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් 2023.06.03 දින උදෑසන නාරම්මල ප්‍රවචනාලංකාර පිරිවෙන් විහාරස්ථානයේදී පවත්වන ලදී.
|
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |
"බක්මහ අසිරිය නාරම්මල 2023" දහස් ගණන් ජනතා සහභාගීත්වයෙන් 2023.04.22 දින දවස පුරා නාරම්මල යූ.බී.විජේකෝන් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ගම හරහා දිවීම, පාපැදි ධාවන තරග, ජන ගායනා, කොට්ටපොර, කඹ ඇදීම, ලිස්සන ගහේ නැගීම, ගෝනි රේස්, පොරපොල පොල් ගැසීම, කණාමුට්ටි බිඳීම, අවුරුදු කුමරිය ඇතුළු ජන ක්‍රීඩා රාශියක් එදින පැවැත්විණි . ජයග්‍රාහකයන් වෙත ත්‍යාග පිරිනැමීම ඇතුළු බක්මහ උළෙලේ සියලු අනුග්‍රහ කටයුතු නාරම්මල වෙළඳ සංගමය හා වෙළඳ ප්‍රජාව විසින් දරන ලදී. ග්‍රාම නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කළ මෙම බක්මහ සැණකෙළිය සඳහා නාරම්මල පොලීසිය , ජලසම්පාදන මණ්ඩලය, නාරම්ම්ල ප්‍රාදේශීය සභාව , ගොවිජන සේවා මධ්‍යස්ථාන , රෝහල , සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සියල්ල සහභාගි විය .
|
|
|
![]() |
![]() |
|
|
![]() |
|
|
|
![]() |
![]() |
|
![]() |
![]() |
නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වැඩිහිටි බල මණ්ඩලය විසින්, සම්ප්‍රදායික ආහාර පිළිබඳ දැනුම ඉදිරි පරපුරට දායක කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද සාම්ප්‍රදායික ආහාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන 2023.03.31 දින නාරම්මල මයුරපාද කණිෂ්ඨ විද්‍යාලයේ ගෘහ විද්‍යාව විෂය හදාරන දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් නාරම්මල බුලත් පොළ භූමියේදී පවත්වන ලදී.
![]() |
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |
"සොඳුරු ගමක්" ඒකාබද්ධ ආකල්ප සංවර්ධන වැඩසටහන යටතේ රණාවත්ත, සේනානායක ජනපදය යන ග්‍රාම නිලධාරී වසම් වල ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන, දිස්ත්‍රික් උපදේශන නිලධාරී නන්දා මාලනී මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2023.02.16 දින රණාවත්ත ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන ලදී.ඊට සමගාමීව පොල්පැල බෙදාදීම හා රණාවත්ත ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටි සිසු දරු දැරියන් සඳහා ත්‍යාග බෙදාදීමද සිදු කරන ලදී.
![]() |
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |






































