නම්කල නිලධාරියා
තොරතුරු නිලධාරියා

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
- ඉල්ලීම ලැබුනු දින සිට වැඩකරන දින 14 ක් ඇතුළත තොරතුරු නිලධාරියා ඔබේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය යුතුය
- ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත
- තොරතුරු ලබා දීමට තොරතුරු නිලධාරියා එකඟ නොවන්නේ නම් හේතු දැක්විය යුතුය දින 14 ක් ප්‍රමාණවත් නොවන එවැනි අවස්ථාවල තොරතුරු සැපයීමට තවත් දින 21 ක් දක්වා අමතර කාලයක් තොරතුරු නිලධාරියාට ඉල්ලා සිටිය හැකිය
- තොරතුරු නිලධාරියාගේ තීරණය පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, එම තීරණය ගත් දින සිට දින 14 ක් ඇතුළත නම් කරන ලද නිලධාරියාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය
- නම් කරන ලද නිලධාරියාගේ තීරණය පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, නම් කරන ලද නිලධාරියාගේ තීරණයෙන් මාස 2 ක් ඇතුළත ඔබට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය
තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා
- පුද්ගලික තොරතුරු
- රාජ්‍ය/ජාතික ආරක්ෂාවට අගතිදායක තොරතුරු
- ජාත්‍යන්තර සබඳතාවලට අගතිදායක තොරතුරු
- ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වලට හා මූල්‍ය ප්‍රතිපත්ති වලට අගතිදායක අවාසිවන තොරතුරු
- බුද්ධිමය දේපල පනත යටතේ ආරක්ෂා කර ඇති තොරතුරු
- වෛද්‍ය වාර්තා
- නීතිපතිවරයාගේ කාර්යය සම්බන්ධ තොරතුරු
- අධිකරණයට අපහාස වන / පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන ස්වභාවයේ තොරතුරු
- හෙලිදරව් කිරීමෙන් අපරාධ වැලැක්වීමට බාධාවක් වන තොරතුරු
- විභාග දෙපාර්තමේන්තුව විසින් හෝ මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් රහසිගතව තබාගත යුතු තොරුතුරු
තොරතුරු ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය බාගත කර ගැනීම සදහා මෙහි ක්ලික් කරන්න
තොරතුරු දැන ගැනීමේ පනත බාගත කර ගැනීම සදහා මෙහි ක්ලික් කරන්න
වාර්ෂික වාර්තාව බාගත කර ගැනීම සදහා මෙහි ක්ලික් කරන්න














