"බක්මහ අසිරිය නාරම්මල 2023" දහස් ගණන් ජනතා සහභාගීත්වයෙන් 2023.04.22 දින දවස පුරා නාරම්මල යූ.බී.විජේකෝන් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ගම හරහා දිවීම, පාපැදි ධාවන තරග, ජන ගායනා, කොට්ටපොර, කඹ ඇදීම, ලිස්සන ගහේ නැගීම, ගෝනි රේස්, පොරපොල පොල් ගැසීම, කණාමුට්ටි බිඳීම, අවුරුදු කුමරිය ඇතුළු ජන ක්‍රීඩා රාශියක් එදින පැවැත්විණි . ජයග්‍රාහකයන් වෙත ත්‍යාග පිරිනැමීම ඇතුළු බක්මහ උළෙලේ සියලු අනුග්‍රහ කටයුතු නාරම්මල වෙළඳ සංගමය හා වෙළඳ ප්‍රජාව විසින් දරන ලදී. ග්‍රාම නිලධාරීන් ප්රමුඛ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කළ මෙම බක්මහ සැණකෙළිය සඳහා නාරම්මල පොලීසිය , ජලසම්පාදන මණ්ඩලය, නාරම්ම්ල ප්‍රාදේශීය සභාව , ගොවිජන සේවා මධ්‍යස්ථාන , රෝහල , සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සියල්ල සහභාගි විය .
|
|
|
![]() |
![]() |
|
|
![]() |

















