නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායකයන් හට දේශීය හා විදේශීය වෙළඳපල අවස්ථා පුළුල් ලෙස විවෘත කරදීමේ අරමුණින් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නිර්මාණය කරන ලද nadibiz.com අලෙවිකරණ වෙබ් අඩවිය දියත් කිරීම වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමන්ගේ හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.02.18 දින සිදු කරන ලදී.

වෙබ් අඩවිය - https://www.nadibiz.com/

274248312 257446629903227 5476951373229856828 n         274271867 257447223236501 5146002490588462946 n
     
 273212612 257447063236517 9142935864689256844 n    273428618 257446939903196 8650246824100092708 n

2020 මාර්තු මස සිට මේ දක්වා ශ්‍රී ලාංකික ජනතාව බියටත්, පීඩාවටත් අසරණ භාවයටත් පත්කරමින් රටම වෙලාගත් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජකාරියට එහා ගිය මිනිසත්කම පෙරදැරිව, රෝගීන් සොයායෑමේදීද, නිරෝධායන ක්‍රියාවලියේදීද, එන්නත්කරණයේදීද, එමෙන්ම සකලවිධ රෝගී සත්කාරයේදීද නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමඟින් එක්ව තම කාලය,ශ්‍රමය,ධනය කැපකල නිලධාරීන් ඇගයීම සඳහා නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කල වැඩසටහන 2021.12.20 දින කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පවත්වන්නට යෙදුණි.

01      03
     
04   05
     
06   07

 

පෙබරවාරි 04 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජන රජයේ 73වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව, ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීම යටතේ කාර්යමණ්ඩලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් කාර්යාල පරිශ්‍රය තුල නිදහස් දින සැමරුම් උත්සවයක් හා රුක් රෝපණ  වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

146383247 196045912261307 7103031610246235307 n   146637845 196045978927967 6554381680705690362 n
     
146350343 196046028927962 2041502262288280657 n    145846985 196046278927937 5636121962577189444 n
     
145705728 196046335594598 812565010986132880 n   145850253 196046615594570 2892919457943498605 n

 

නාරම්මල කෘෂි අපනයන කලාප වැඩසටහන 2021 නොවැම්බර් මස 3 වන දින කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ වගයි.

අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මඟින් ගම්මිරිස් වගාව ප්‍රවර්ධනය කිරීම තුළින් කෘෂි ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණු කරගනිමින් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් වසම් 18ක ප්‍රතිලාභීන් 174ක් සඳහා වාණිජ වගා,ගෙවතු වගා යටතේ ගම්මිරිස් පැළ 17970ක් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 30 දෙනෙකු සඳහා සංකේතාත්මකව පැළ ලබාදීම හා හිමිකම් ප්‍රදානපත් ලබාදීම මෙදින සිදුවිය.

මෙම සමාරම්භක උත්සව අවස්ථාව කිවුල්ගල්ල පුණ්‍ය වර්ධනාරාමයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ආගමික වතාවත් හා අනුශාසනාව ලබාදෙමින් කිවුල්ගල්ල පුණ්‍ය වර්ධනාරාමයේ විහාරාධිපති ක‍ළුන්දාවේ ධම්මරතන හිමි සම්බන්ධ වූ අතර අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමා ප්‍රමුඛ නාරම්මල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මැතිතුමා,නාරම්මල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උපසභාපති සුමිත් රාජපක්ෂ මැතිතුමා ඇතු‍ලු දේශපාලන අධිකාරිය එසේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යකෂ ජනරාල් ප්‍රමුඛ නිලධාරීන්,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ,නාරම්මල ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්,වැඩසටහන ක්‍රියත්මක වන වසම් වල ආර්ථික සංවර්ධන නිලධාරීන්,කාර්යාලයේ කෘෂිකර්ම සංවර්ධන නිලධරීන් කිවුල්ගල්ල වසම භාර නිලධාරීන් සියලුදෙනා සහභාගීවිය.

IMG 20211104 WA0028       IMG 20211104 WA0009 
     
247431875 189222490058975 7558792496643954063 n    245939393 189222846725606 629699908554944523 n

2021 වර්ෂයේ රාජකාරි කටයුතු ඇරඹීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී.සී.එන්.පතිරන මහත්මියගේ නායකත්වයෙන් හා කාර්යමණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් 2021.01.01 දින අප කාර්යාල පරිශ්‍රයේ දී ආගමික වතාවත් හා චාරිත්‍ර අංග කිහිපයක් සංවිධානය කර තිබුණි.

20210101 085333 1    20210101 090106
     
IMG 20210101 094908 1   IMG 20210101 094947
     
IMG 20210101 102000 1   IMG 20210101 110601 1

 

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ...

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ ප්‍රාදේශීය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණු කර ගනිමින්, ප්‍රදේශයේ ආගමික නායකයින්, කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් එම් ආර් එම් ඉම්රාන් මහතා ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ග්‍රාමීය මත් නිවාරණ කමිටු ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ...

02
ජූනි2026
ලේ දන්දීමේ පිංකම

ලේ දන්දීමේ පිංකම

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනිනාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනි මෙම පිංකම හා සම්බන්ධ වූ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටම...

21
මැයි2025
පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

සම්බුදු තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් නාරම්මල ශාසනාරක්ෂක මණ්ඩලය සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද, ස්වාමීන්වහන්සේලා පනස්නමක් උදෙසා පිණ්ඩපාත චාරිකාව සහ දානමය පින්කම නාරම්මල නගරය කේන්ද්‍ර කොට ගනිමින් 2025.05.14 වන දින පවත්වන ලදී.                      

Scroll To Top