මහජනාධාර ගෙවීම
- අඩු ආදායම්ලාභීන් අසරණ පුද්ගලයින්,රෝගීන්,අබාධීත අය සඳහා නිකුත් කෙරේ
- ඉල්ලුම් පත්‍රය සම්පූර්ණකොට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙතට ලබා දිය යුතුය. ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සමඟ සමාජ සේවා අංශයන්ට නිර්දේශ කළ යුතුය
- අවුරුදු 60ට අඩු අයෙක් නම් අසනීප තත්වය මත අයදුම් කිරිමේදී වෛද්‍ය සහතිකයක් අවශ්‍යය
උපකරණාධාර (රෝද පුටු/අත්වාරු/ඇස්කණ්නාඩි/කිහිලිකරු) ලබාදීම
- අඩු ආදායම් ලාභීයකු වීම
- අදාල උපකරණය භාවිතා කිරීම සඳහා වෛද්‍ය සහතිකයක්
- පෝරමය සමඟ ග්‍රාම නිලධාරී නිර්දේශය
ශිෂ්‍යාධාර ලබාදීම
- පියා මිය ගිය අසරණ පවුල් වල දැනට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා මෙම ශිෂ්‍යාධාර පිරිනැමේ
- ඉගෙනගනු ලබන පාසලේ අධ්‍යාපනය ලබන බවට ලිපියක්. (විදුහල්පතිවරයාගේ අත්සන සහිතව)
- උප්පැන්න සහතිකයේ පිටපතක්
- පියා මිය ගොස් හෝ අතහැර ගොස් ඇත්නම් මරණ සහතිකයේ හෝ දිවුරුම් ප්‍රකාශයක්
රෝගාධාර ලබාදීම
- පිළීකා, ක්ෂයරෝග,තැලසීමියා වැනි රෝග සඳහා ආධාර ලබාදීම
- අදාල රෝගය ඇති බවට පිළිගත් වෛද්‍ය සහතිකය
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කිරීම
- ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් අඩු ආදයම් ලාභීයකු බවට සහතිකයක්
ආබාධිත පුද්ගලයන් සඳහා නිවාස ආධාර ලබාදීම
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම
- අයදුම්කරු සතුව ඉඩමක් තිබීම (එය ඔප්පුවකින් තහවරු කල යුතුය)
- ඉඩමක් නොමැතිනම් ඉඩමක් ලබාදීමට යම්කෙනෙකු කැමැත්ත ඇතිවිට ඒ සඳහා ගිවිසුම් පත්‍රය (මෙය ප්‍රාදේශීය ලේකම් හෝ සමාජ සේවා නිලධාරියාගේ මූලිකත්වයෙන් සිදුවේ)
- අඩු ආදායම් ලාභීන් බවට ග්‍රාම නිලධාරී ලිපියක්
- ආබාධිත තත්ත්වය පිළිබද පිළීගත් වෛද්යවරයකුගේන් ලබාගත් සහතිකය
- කාර්මික නිලධාරීන්ගෙන් ලබා ගත් නිවාස සැලැස්ම හා ඇස්තමේන්තුව
- වයස තහවරු කර ගැනීමට උප්පැන්න සහතිකය හෝ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- රු.250000ට වැඩි ඇස්තමේන්තු සඳහා එම වැඩි ප්‍රමාණය ලබාගන්නා ආකාරය සඳහන් ලිපි ලේඛන හෝ වෙනත් ලේඛන
ආබාධිත පුද්ගලයන් සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීම
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම
- ආබාධිත බව සඳහන් වෛද්‍ය වාර්තාව
- සමාජසේවා නිලධාරී වාර්තාව
- ස්වයං රුකියා සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ නම් ඒවායේ විස්තර
- ඉල්ලුම් පත්‍රයේ සඳහන් ස්වයං රැකියා ව්‍යාපෘති වාර්තාව
- අඩු ආදායම්ලාභි බවට ග්‍රාම නිලධාරී සහතිකය
ආබාධිත පුද්ගලයන් සඳහා ජීවනාධාර ලබාදීම
- ආබාධිත තත්ත්වය පිළිබද රජයේ වෛද්යවරයකුගේන් ලබාගත් වෛද්‍ය වාර්තාව
- අඩු ආදායම්ලාභි බවට ග්‍රාම නිලධාරී සහතිකය
තනි මා පිය ස්වයං රැකියා ආධාර
- අවුරුදු 50ට අඩු ස්වාමියා මිය ගිය හෝ අතහැරගිය කාන්තාවන්ට මෙම ආධාර ලබා දේ
- අඩු ආදායලාභි බව ග්‍රාම නිලධාරී සහතිකය
- මරණ සහතිකය හෝ අතහැරගිය බවට දිව්රුම් ප්‍රකාශය
- පාසැල් යන වයසේ දරුවන් සිටී නම් ප්‍රමුකතාවය හිමි වේ














