ප්‍රසම්පාදන ක්‍රියාවලිය
- ඉල්ලීම් ලද පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති ආයතන 3ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් මිල ගණන් කැඳවීම
- ටෙන්ඩර් මණ්ඩලය හා අදාල ආයතන වල නියෝජිතයන් ඉදිරිපිට කවර විවෘත කිරීම
- අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයෙන් එම භාණ්ඩ මිලදී ගැනීමට තීරණය කිරීමෙන් පසු එය ප්‍රසම්පාදන කමිටු වාර්තා පොතේ සටහන් කිරීම
- ටෙන්ඩර් මණ්ඩලය විසින් වාර්තාව අනුමත කළ පසු පළාත් ආයෝජන නම් අදාල ආයතන වලින් ඇණවුම් කිරීම
- විමධ්‍යගත නම් පහත ලිපි ලේඛණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යැවීම සඳහා සැලසුම් අංශය වෙත භාරදීම
- ටෙන්ඩර් තීරණයේ පිටපත්
- ලද මිල ගණන් වල පිටපත්
- මිල ගණන් ඉල්ලුම් ලිපියේ පිටපත්
- පරිගණක සම්බන්ධ මිලදී ගැනීමක් නම් කර්මාන්ත සේවා අංශය වෙතින් යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතුය
- අදාල භාණ්ඩ සමඟ ලැබෙන බිල්පත පොදු 35 ආකෘතියක් සමඟ ගෙවීම් අනුමත කිරීම් පේඛණයේ සටහන් කොට ගෙවීම අනුමත කිරීමට ඉදිරිපත් කිරීම
- ගෙවීම් අනුමත වූ පසු චෙක්පත් ලියා ගෙවීම් සිදු කිරීම














