ඉඩම් පරිපාලනය
- ඉඩම් සංවර්ධන ආඥාපනත, ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත හා රජයේ ඉඩම් ආඥා පනත යටතේ රජයේ හිස් ඉඩම් ගම් පුළුල් කිරිම සදහා බෙදාදීම
- රජයේ ඉඩම් ආඥාපනත යටතේ බෙදාදී ඇති ඉඩම්වල පසු කටයුතු
මුල් උරුමය පැවරීම
අවශ්‍ය ලේඛණ
- ප්‍රාදේශීය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ හා පිඹුරේ මුල් පිටපත් හා පිටපත්
- පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංචිකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව
- දීමනාපත්‍රකරුගේ උරුමකරුවන් පිළිබද ග්‍රාම නිලධාරි වාර්තාව - වයස් අනුපිළිවෙලට උපන්දිනය සහිතව
- සියළුම උරුමකරුවන් මෙම මුල් උරුමය පැවරිමට එකඟව ලබා දෙන දිවුරුම් ප්‍රකාශය - සාමවිනිසුරු ඉදිරියේ රු 25/- ක මුද්දරයක් මත අත්සන් කර
- දීමනාපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික
- යම් උරුමකරුවෙකු මිය ගොස් ඇත්නම් මරණ සහතික මුල් පිටපත හා පිටපත්
පසු උරුමය නම් කිරීම
අවශ්‍ය ලේඛන
- ප්‍රාදේශිය ලේකම් වෙත කරන ලද ඉල්ලීමේ ලිපිය
- දීමනා පත්‍රයේ සහ පිඹුරේ පිටපත් හා මුල් පිටපත්
- ඉඩමට අදාල පත්ඉරු සටහන්
- ඉඩමේ පදිංච්කරුවන් පිළිබඳ ග්‍රාමනිලධාරී වාර්තාව
- පසු උරුමකරුවන් එක් අයෙකුට වැඩිය නම් කරන්නේ නම් බලයලත් මිනින්දෝරුවරයකු විසින් අදින ලද පිඹුර හා එහි පිටපතක්
- පසු උරුමකරුවන්ගේ උප්පැන්න සහතික හා පිටපත්
- මෙම පසු උරුමය නම්කිරීම තම කැමැත්තෙන් සිදු කරන බවට ලබාදෙන දිව්රුම් ප්‍රකාශය(සාම විනිසුරු ඉදිරියේ රු.25ක මුද්දරයක් මත අත්සන් කර)
- දීමනාපත්‍රකරුගේ වාචික ප්‍රකාශය
- අදාල ආකෘතිය සම්පූර්ණ කර පළමු පිටුවේ සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස ග්‍රාම නිලධාරී අත්සන් කළ යුතුය
- සියළුම උරුමකරුවන් දැනුම් දෙන දිනයේදි ප්‍රාදේශීය ලේකම් ඉදිරියේදි වාචික ප්‍රකාශ ලබා දිය යුතු බැවින් දැනුම් දෙන දිනයේදි ජාතික හැදුනුම්පත ද රැගෙන පැමිණිය යුතුය.














