ජාතික හැඳුනුම්පත
- හැඳුනුම්පතක් ලබා ගැනීම සදහා අදාල ඉල්ලුම් පත්‍රය (නව හැඳුනුම්පත - පු. ලි.දෙ.වි. 1, අනු පිටපතක් ලබා ගැනීම - පු.ලි.දෙ.වි. 7, හැඳුනුම්පත සංශෝධනය - පු.ලි.දෙ.වි. 8 )
- වයස අවු. 50ට අඩු අයදුම්කරුවන් සදහා උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්
- වයස අවු. 50ට වැඩිනම් උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති නම් ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන හා විකල්ප ලේඛන ( පාසල් හැරයාමේ සහතිකය, බෞතිස්ම සහතිකය, අයදුම්කරුගේ උපන් දිනය සඳහන් දරුවෙකුගේ උප්පැන්න සහතිකය, උප්පැන්න සහතිකයේ උපුටාගත් සටහන, වතු හැරයාමේ සහතිකය, විදේශ ගමන් බලපත්‍රයේ අදාල පිටුවල සහතික කළ පිටපත්, වතු අධිකාරි විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත, ජන්ම පත්‍රය ) හැකි පමණ
- විදේශයකදි උපත ලද්දකු නම් පුරවැසි සහතික
- වර්ණ ඡායාරූප 6 (13/8 ” * 7/8 ”)
- මුල්වරට හැඳුනුම්පතක් අයදුම් කරන්නේනම් අයදුම්කරුගේ මව/ පියා/භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කළ ඡායා පිටපත
- ස්වාමි පුරුෂයාගේ නම ලබා ගැනීම සදහා විවාහ සහතිකය
- බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් නම් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක්ව සිට උපැවිදිව ඇත්නම් බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය
- හැඳුනුම්පතට රාජකාරි තනතුර ඇතුළත් කළයුතු නම් මාස 03 කාලයක් ඇතුළත ලබාගත් සේවා සහතිකයක්
- නැති වූ හැඳුනුම්පතක් පිළිබඳව නම් පොලීසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත
- සශෝධන හැඳුනුම්පතක් නම් දැනට භාවිතා කරන හැඳුනුම්පත
- මුද්දර, අවු. 16-17 රු. 3/=, අවු. 17ට වැඩි රු. 13/= සංශෝධන හා නැති වූ රු. 15/=
- විධිමත් දිවුරුම් ප්‍රකාශය මුද්දර සහිතව (අවශ්‍ය වන්නේ නම්)
විදේශ ගමන් බලපත්‍රය
විදේශ ගමන් බලපත්‍ර හා සම්බන්ධ සියලු කටයුතු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.
කොළඹ ප්‍රධාන කාර්යාලය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව"සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල.ක්ෂණික ඇමතුම් : 1962
දුරකථන : 94-11-5329000
ෆැක්ස් : 94-11-2885358
ඊ-මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වෙබ් අඩවිය : www.immigration.gov.lk
කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය
129, දඹුල්ල පාර, කුරුණෑගල, ශ්‍රී ලංකාව
දුරකථන : 94-37-5550562, 94-37-5550563
ෆැක්ස් : 94-37-2225001














