නාරම්මල කෘෂි අපනයන කලාප වැඩසටහන 2021 නොවැම්බර් මස 3 වන දින කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ වගයි.
අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මඟින් ගම්මිරිස් වගාව ප්‍රවර්ධනය කිරීම තුළින් කෘෂි ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණු කරගනිමින් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් වසම් 18ක ප්‍රතිලාභීන් 174ක් සඳහා වාණිජ වගා,ගෙවතු වගා යටතේ ගම්මිරිස් පැළ 17970ක් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් ප්‍රතිලාභීන් 30 දෙනෙකු සඳහා සංකේතාත්මකව පැළ ලබාදීම හා හිමිකම් ප්‍රදානපත් ලබාදීම මෙදින සිදුවිය.
මෙම සමාරම්භක උත්සව අවස්ථාව කිවුල්ගල්ල පුණ්‍ය වර්ධනාරාමයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ආගමික වතාවත් හා අනුශාසනාව ලබාදෙමින් කිවුල්ගල්ල පුණ්‍ය වර්ධනාරාමයේ විහාරාධිපති කළුන්දාවේ ධම්මරතන හිමි සම්බන්ධ වූ අතර අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ජානක වක්කුඹුර මැතිතුමා ප්‍රමුඛ නාරම්මල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මැතිතුමා,නාරම්මල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උපසභාපති සුමිත් රාජපක්ෂ මැතිතුමා ඇතුලු දේශපාලන අධිකාරිය එසේම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යකෂ ජනරාල් ප්‍රමුඛ නිලධාරීන්,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ,නාරම්මල ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්,වැඩසටහන ක්‍රියත්මක වන වසම් වල ආර්ථික සංවර්ධන නිලධාරීන්,කාර්යාලයේ කෘෂිකර්ම සංවර්ධන නිලධරීන් කිවුල්ගල්ල වසම භාර නිලධාරීන් සියලුදෙනා සහභාගීවිය.
|
|
|
![]() |
![]() |
















