නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා සය නමක් වෙනුවෙන් මෙන්ම වසර 20 කට අධික කලයක් නිස්සරණාධ්‍යාසයෙන් දහම් පාසල් ගුරු සේවයේ යෙදෙන ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ගුරු මව් පියවරුන් 95 දෙනෙකු වෙනුවෙන් උපහාර පිරිනැමීම මූලික කොට නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා සය නමක් වෙනුවෙන් මෙන්ම වසර 20 කට අධික කලයක් නිස්සරණාධ්‍යාසයෙන් දහම් පාසල් ගුරු සේවයේ යෙදෙන ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ගුරු මව් පියවරුන් 95 දෙනෙකු වෙනුවෙන් උපහාර පිරිනැමීම මූලික කොට 2026 අගෝස්තු මස 23 වන ඉරු දින නාරම්මල නගර ශාලාවේදී ශාසන ප්රණාම අභිනන්දන උපහාර මහෝත්සවය පවත්වන ලදී
මේ සදහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමා,වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මැතිතුමා, නාරම්මල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා (කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය), නාරම්මල ප්‍රාදේශීය ලේකම් තුමා, නාරම්මල පොලිස් ස්ථානාධිපතිතුමා, නාරම්මල වෙළෙඳ සංගමයේ ගරු සභාපති තුමා, ඇතුලු ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.
|
|
|
![]() |
|
|
![]() |
![]() |

















