නාරම්මල ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් අඹගම්මන, පුවක්ගහකොටුව, ගනේගොඩ, බෙම්මුල්ලේගෙදර, දංගොල්ල සහ මී වැව ග්රාම නිලධාරී වසම් වල ප්රදේශවාසීන් සඳහා සංවිධානය කරන ලද ජංගම සේවා වැඩසටහන 2023.02.09 දින නාරම්මල ප්රාදේශීය ලේකම්තුමන්ගේ ප්රධානත්වයෙන් ගනේගොඩ ශ්රී සුදර්ශන රන්කොත් විහාරස්ථානයේදී පවත්වන ලදී.එහිදී ප්රදේශවාසීන් සඳහා පහත සඳහන් සේවාවන් ලබාදෙන ලදී.
- ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයදුම්පත් භාරගැනීම
- උප්පැන්න / විවාහ / මරණ සහතික නිකුත් කිරීම
- කල්පසු වූ උපත් / මරණ ලියාපදිංචිය
- උප්පැන්න, මරණ සහතික සංශෝධනය සඳහා කටයුතු කිරීම
- පොලිස් පැමිණිලි පිටපත් ලබාගැනීම
- දිවුරුම් ප්රකාශ ලබාගැනීම
- තැපැල් කාර්යාලීය සේවාවන්
![]() |
|
|
![]() |
![]() |
|
![]() |
![]() |



















